Monday, October 31, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ? දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීමතමයි අපි.

Thursday, October 27, 2011

සාකෝසි යනු කුමක්ද? ග‍්‍රන්ථ සමාලෝචනයක්

2007 දී ප‍්‍රංශයේ පැවැති මැතිවරණය සහ එහි ප‍්‍රතිඵලයක් ගැන වූ පොතක් පරිවර්තනය කිරීම ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ සහ අදාල වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් ය. මම හේතු දෙකක් නිසා වංගීස සුමනසේකරගේ උත්සාහය සාදරයෙන් පිළිගත යුතු යැයි සිතමි. ප‍්‍රංශ විප්ලවයේ සිට ඉතිහාසය පෙන්වා දී ඇති ආකාරයට, ප‍්‍රංශ දේශපාලන සිදුවීම් (events) වලට විශ්වීයව වැදගත්වන්නා වූ න්‍යායාත්මක සහ දේශපාලනික අතු විහිදීම් තිබේ. දෙවනුව, අපි පොතේ නම වන සාකෝසි යන නාමය වෙනුවට ආණ්ඩුකරණ බලයක් භාවිතා කලා වූ වර්තමාන නැතිනම් අතීත දේශපාලන නායකයෙකුගේ නමක් (ඔබාමා, බ්ලෙයාර්, බුෂ්, හෝ මහින්ද රාජපක්‍ෂ වැනි) ආදේශ කලත්, මෙම පොත තවමත් අර්ථයක් ජනනය කරයි. එම නිසා මෙම පොතට විශ්වීය අදාලත්වයක් ඇත. The Meaning of Sarkozy ^MS& කෘතියේ ලේඛකයා වන ඇලේන් බදියු ^Alain Badiou& ප‍්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකි. මෙම පොතේ පළමු පරිච්ජේදය ලියා ඇත්තේ සාකෝසිව ප‍්‍රංශ ජනාධිපති බවට පත් කල 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉතා සුළු කාලයකට පෙරය. අවසාන පරිච්ජේද දෙක ඔහුගේ අළුත්ම පොත වන The Communist Hypothesis ^CH&" හි තව දුරටත් වර්ධනය කර ඇත.

Sunday, October 9, 2011

"සාකෝසි යනු කුමක්ද?"

ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියුගේ
"The Meaning of Sarkozy" 
කෘතියේ සිංහල පරිවර්තනය 
 "සාකෝසි යනු කුමක්ද?" 
නමින් එළිදැක්වීම නිමිතිකොට ගෙන 
කොමියුනිස්ට්වාදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් හා සංවාදයක් 
ඔක්තෝම්බර් මස 12 වන දින සවස 03.00 ට 
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ (නිදහස් මාවත) දී පැවැත්වේ.

මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදුකරනු ලබන්නේ 


නිර්මාල් රංජිත් දේවසිරි 
සුමනසිරි ලියනගේ 
ප්‍රදීප් ජයරත්න  විසිනි.


මුලසුන කල්‍යානන්ද පෙරේරා


සංහිඳ ප්‍රකාශනයක් ලෙසින් එළිදකින මෙම කෘතිය පිළිබඳ 
සාකච්ජාවකට සහ විමුක්තිකාමී දේශපාලනයේ අනාගතය පිළිබඳ සංවාදයකට 
'මධ්‍යස්ථානය'
සහෘද ඔබ සැමට ආරාධනා කරයි.



Sunday, October 2, 2011

අපිව මුණගැසීමට

සමකාලීන යුරෝපීය දර්ශනය
පාර-දේශපාලනික රචනා
පිළිබඳව 
අපගේ 'කියවන කව' වලට සම්බන්ධ වෙන්න ඔබත් කැමතිනම් 

ඊ මේල් : madhyasthanaya@gmail.com